ගී පද
නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන..
මල් කිනිත්තට රොන් පොදක් ගෙන..
පෙම් කරලා හැරයන්නේ කොහොමද..
නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන..
මල් කිනිත්තට රොන් පොදක් ගෙන..
පෙති තලලා දුර යන්නේ කොහොමද..
සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණු පරිද්දෙන්
ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්...//
නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන.../
හින්දියෙන් දොඩන ලියන් ගෙනේවි
තමබපන්නියම දුකෙන් හඩාවී
සිංහබාහු පරපුරක් සදාවි
රාජධානියම කදුළු සලාවී...//
නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන...//