නෙලා ගැනුමටnelaa gaenumata

Nela Ganumata

සංගීතය:
කපිල අපරක්කkapila aparakka
පද රචනය:
නාරද විජේසූරියnaaradha wijeesuuriya

ගී පද

නෙලා ගැනුමට නොහැකිවූවද 
අත්හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය

(ඇස් පනාපිට බිඳුනු හීනෙක 
ලොවට රහසින් සැරිසැරීමය)..// 
හිත්පුරා හිඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිදි වැරීමය  

නෙලා ගැනුමට නොහැකිවූවද....

(ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ
පැරණි පෙම්බස් සිහිකිරීමය)..//
පණ පිටින් මුළු සිරුර දන් දී
එකම හිතකට ලොබ බැඳීමය

නෙලා ගැනුමට නොහැකිවූවද....