නී රසnii rasa

Neerasa

සංගීතය:
කසුන් වික්‍රමසිංහkasun wikramasinha
පද රචනය:
කසුන් වික්‍රමසිංහkasun wikramasinha

ගී පද

නීරස වුනා ලෝකෙම මා පැරදුනා 
වාවනු විනා රිදෙන පෑරුණු තැනා 
සීමා නෑ මේ රෑ මා වෙහෙසනා 
නාඬා ශෝගී සේනා විඳවනා 
නීරස වුනා ලෝකෙම මා පැරදුනා 
වාවනු විනා රිදෙන පෑරුණු තැනා 

තත්පර මිනිත්තු පැය දවස් 
උදේ ඉදන් වෙනකන් හවස් 
ඉවසුවා මමත් 
සතුටක් නෑනේ තවත් 
සල්ලි ගොඩක් නැති ජීවීතයක් වගේ අන්ධයට සිතුවමක් 
තේරුමක් නෑ කලුවරයි 
තිබුනත් වටේට පාට ගොඩක් 
අවසරයි ස්වාමීනී මරලා නෑ මම මිනී 
ඉවසන්න බැරි වුනා පොඩි උන්ගේ බඩගිනි 
දුප්පත් පැත්තෙන් පෝසත් පැත්තට පනින්න නෑනේ කහ ඉරි 
නීතිය කඩන්න හේතුව ඒකයි මම සමා අයදිමී

නීරස වුනා ලෝකෙම......

පිලිගන්නවා කොන්ක්‍රීට වත්තට 
කුරුල්ලෝ වැඩි අපී ඉපදුන අත්තට 
දෙවියො වුනත් අපෙන් ආතල් ගත්තට 
පිනට බරයි අපි නෑ පව පැත්තට 

බල්ලන්ට පොශ් කඳුල 
අපිට කොස් මදුල 
අපේ රස බොජුන් 
වගේලු උන්ගේ ඉඳුල 
දස වද දීලා වෙඩි තියලා එල්ලලා හරි 
පොඩි උන්ට කන්න ලැබුනොත් හොඳටම ඇති 
කරේ ටයි නෑ පොළවේ ටයිල් නෑ 
උසාවී ගානේ මගේ ෆයිල් නෑ 
පළවෙනි පාරට මම සිල් කැඩුවේ 
පොඩි උන් සතුටෙන් ඉතින් දුකක් නෑ 
හදවතෙ ගිනෙන්නෙන් ලේ රත් කරලා 
පපුව පිච්චුනත් තේ වක් කරලා 
දෙන්නට හැකි නම් දෙනවා මහත්තයෝ 
පොඩි උන් දෙන්නට අලු ටික පෙරලා 

නීරස වුනා ලෝකෙම......