ගී පද
නීල දෑස පුරා - සිහින ලොවෙන් පෙරා
වෑහෙ කැලුම් නුරා - මා ඹබෙ පෙම්බරා
සසරෙ එකට සරා - පැමිණ පෙරුම් පුරා
ගියද නොසිතු යුරා - මා ඹබෙ පෙම්බරා
මිහිරි සුවඳ ඹබේ - මහද වතට එබේ
පෙරදි දිනෙක බවේ - ලදිමි එවන් සුවේ
සසරෙ එකට සරා - පැමිණ පෙරුම් පුරා
ගියද නොසිතු යුරා - මා ඹබෙ පෙම්බරා
නීල දෑස පුරා - සිහින ලොවෙන් පෙරා
වෑහෙ කැලුම් නුරා - මා ඹබෙ පෙම්බරා
මාද ඹබද මෙසේ - දෙපොල දෙතැන වෙසේ
දිනක මෙලොව කුසේ - පතමි රැඳෙන ලෙසේ
සසරෙ එකට සරා - පැමිණ පෙරුමි පුරා
ගියද නොසිතු යුරා - මා ඹබෙ පෙම්බරා
නීල දෑස පුරා - සිහින ලොවෙන් පෙරා
වෑහෙ කැලුම් නුරා - මා ඹබෙ පෙම්බරා