නීල දෑසේniila dhaesee

Neela Daase

සංගීතය:
රොමේෂ් සුගතපාලromeesh sugathapaala
පද රචනය:
රිනාස් මොහොමඩ්rinaas mohomad

ගී පද

නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ
ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ
මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මිහිරාවියේ මාගේ...//

මුලකුරු ඔබයි මාගේ සෙනෙහසේ හොඩියේ
පිංචිලා ලියවූ දිනේ
සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ
අහිමි සේ බැඳුනා නිල් නෙත් යුග මා
මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මතකයන් වාගේ

හදවන උයන් තෙරේ පිනූ රස පළ වැලේ
ඔබ තමා නොඉඳුල් පළේ
රස සොයන බිඟු කැලක විස දළ තුඩින්
සඟවමි දිවිපුරා මාගේ ආදරේ
මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මතකයන් වාගේ

නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ .../