ගී පද
චිත්‍රපටය: රජ ගෙදර පරවියෝ (1975)
නීල බිඟු කැල තාම රස පෙල
ආදරෙන් සනසාලා..
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා...//
(මාරුතේ මතුරා යතේ
සුරඟුන් නැගූ මුකුළු
මාවතේ අතුරා ඇතේ
සුරඟුන් නෙලූ කැකුළු.. //)
සුරඟුන් නෙලූ කැකුළු..
නීල බිඟු කැල.../
(ජීවිතේ කිරි සාගරේ
කළඹා දිනූ කිදුරී
මීවිතේ මදිරා සොරා
සඟවා නොයන් සොදුරී...//)
සඟවා නොයන් සොඳුරී...
නීල බිඟු කැල.../