නෞකා එලි නිවෙනා රෑnaukaa eli niwenaa rae

Nawuka Eli Niwena Raa

ගී පද

නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැළඹෙන රෑ
තනි වී ක්ෂිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මම දෝ

සුසුමෙහි සුළඟට සැලි සැලි හිත වෙවුලා
මම ඉකි බිඳිනෙමි ගිනිසිළු පද අවුලා
සිවුසිය ගව් දුර ගොඩ බිම කොතැනක හෝ
පෙම් සිරි යහනක ඔබ ඇත දනිමි අහෝ

නැව් බඳ දෙදරා යලි යලි හැපෙන රළේ
අසරණ නැවියෙකු වැලපී ඇසෙන නදේ
ඔබ නැති ලොව මට කඳුලක ඉන්න කියා
මැදියම් කළුවර සඳු අර යන්න ගියා