නැවතී මෙතකින්naewathii methakin

Nawathi Methakin

සංගීතය:
කසුන් කල්හාරkasun kalhaara
පද රචනය:
අචල සොලමන්ස්achala solamans

ගී පද

නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුබේ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ ඒ රුව බොඳකර
කඳුලක් නෙත තනියට නැඟුනා.....

මතකද හැම රෑ පහන් වන තුරා
පැතූ පැතුම් කෙලි සිනහ වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....

ඉරණම ලියවී අප වෙන්කල දා
දෙගුරුන් හමුවේ සිත නිහඬයි
නුබ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොදුරේ කෙලෙසින්.....

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම්
අන්සතු උයනක නුබ හිනැහෙනයුරු
දැක තුටුවෙමි නැවතී මෙතකින්.....