නව යුවතිපතිnawa yuwathipathi

Nawa Yuwathipathi

ගී පද

නව යුවතිපති දිලේවා 
පුරා හඳ මෙන් දිලේවා 
ඉසුරුබර සම්පත් ලැබීලා 
ආදරේ මල් පිපේවා...

මංගලම් මංගලම් 
සුමිහිරි මේ ගීත ගයමින් 
පතන්නේ කිරි පැණි 
ඉතිරෙන වාසනා...//

සුරංගනා සිහින ලෝකේ 
පැද්දෙනවා රූ සිරි දේවි 
පෙම් ලෝකේ කුමරි ඈ 
අද මනමාලී...

දුකයි සැපයි සිනාවතින් 
පිළිගන්න සැරසෙන්නකෝ 
සිතින් ගතින් දෙදෙනෙක් නොවී 
එක් කෙනෙක් වෙන්නකෝ...//