ගී පද
අද දිනය එළබිලා මා සිහින ඉටුවෙලා
ඔය දෑත මා හට හිමි වෙලා
පතු පැතුම් පුරා
මේ ජීවිතේ මගේ නව පිටුවක් පෙරළිලා
ඉන්නම් සද ඔබේ ලඟින්
ඔබේ තුරුලට වෙලා
අතිනත ගත්තා ඔබ හා ආදරෙන්
පොරොන්දු වුවා ඔබ හට හදවතින්
සිහිනයක් දැක්ක පෙරදින මා සිතින්
ඒ සෑම දේ අද දින එළි වී ඉතින්
මුලු ජීවිතේ ඔබ හා ලං වී බැදී
පියමං කරමින් ඔබ හා ආදරෙන්
මුලු ජීවිතේ අද ලස්සන වෙලා
ඔබේ මුහුණ මෙන් කාන්තිමත් වෙලා
මගේ ජීවිතේ ආදරෙන් පිරි ගියා
ඔබේ හද මෙන් ආදරෙන් පිරි ඉතිරුණා
මුලු ජීවිතේ ඔබ හා ළං වී බැඳී
පියමං කරමින් ඔබ හා ආදරෙන්
අද දිනය එළබිලා...