නටුවෙන් ගිලිහුනු පින්න මලක්natuwen gilihunu pinna malak

Natuwen Gilihunu Pinna Malak

ගී පද

නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලගට පාව ඇවිත්
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්.........//

නටුඅග පිපුනට ලස්සන වනමල්
කවුරුත් නෑ එහි රැව දුටුවේ
පින්න කැකුලියේ ඔබෙ සුවදින් මගෙ
ජීවිත යහනම සුවද උනේ...

ලස්සන පින්න මලේ
ඔබ සුවදයි සෑම කලේ
මගෙ හද ගත්ත ලදේ
ඔබ මගෙමයි සැම දිනේ...

බැද්දෙ පිපුනු මල එබෙ පරනොවි
ගත්ත නිසා මගෙ හදෙ ලැගුමි
පින්න කැකුලියේ ඔබ සුරකින්නමි
තියන තුරා මගෙ හදෙ සුසුමි....

ලස්සන පින්න මලේ.....

නටුවෙන් ගිලිහුනු......

ලස්සන පින්න මලේ.... 
ඔබ සුවදයි... ඔබ සුවදයි...