ගී පද
නැතිවුණු ආදරයක් වෙනුවෙන්
හෙලන සුසුම් අන් හදක වැදී
පෑරුණු හදවත් එකිනෙක
අමතා කියන කතාවයි මේ
සුදෝ මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි.....
සිතින් පලා ගිය එක් ආදරයක් දිහා
කඳුළු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක්
නෙත හදවත් දොර විවිර කළා
සුදෝ මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි.....
ආයෙත් නොලැබෙන ආයෙත් නොඑනා
ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාළු හදවතට සෙනෙහස පුදනා
මේ ආදරයට ඉඩ දෙම්දෝ
සුදෝ මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි....
සෙනෙහස ඉතිරුණු ඒ ආදරයයි
සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ
ඔබට මම ආදරෙයි ඔබටත් ආදරෙයි
ඔබට මම ආදරෙයි....