ගී පද
නර්තන ලීලා මා මන බන්ධන
නෙතු සිතු මායා අංජන ගල්වන
සිතුවිලි ගඟ දිය නිබඳ කලම්බන
රාධා දෝ නුඹ යමුනා ගං තෙර
සුවහස් දන මන සනහන නලවන
විදුලිය ලෙස නෙතු කැලුම් විදාලන
හැඟුම් පොකුරු නිති යුහුසුළු කරවන
රාධා දෝ නුඹ යමුනා ගං තෙර
ඉඟසුඟ මුදු බඳ කොමල නර්තන
මා නෙත් යුවලට සීමා කළ මැන
කරදිය පා මුල දෑස අඳුරු කර
රාධා වනි නුඹ එනුමැන මා වෙත