නන්නාදුනන සිහිනයnannaadhunana sihinaya

Nannaadunana Sihinaya

ගී පද

නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟිපා තියා
මගේ තනි හිතට ඔච්චම් කළා
මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැඟෙනා නිසා
කවි හිත යට ලියා නෙත ළඟ හැංගිලා
සින්නක්කරම මට හිමි වෙලා

රෑට අහසට නැගලා
දඟකාරි හිත අල්ලලා
කෝල බැල්මක් හෙලලා
මගෙ හීන ගෙත්තම් කළා
වැසි වැටෙන කළුවර මකා
නිල් අහසේ සිත්තම් කළා
ඔය හිත තාම මගේ ළඟ නිසා
හීන ඇත්තක් වෙලා

නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නැවතිලා
ආඩම්බර කතා ඉඟිපා ගියා
මගේ තනි හිතට ඔච්චම් කළා //..