ගී පද
නංගීලාට වාසි බෝ වගේ දැන්
අයියලා පෙනෙන්නේ නෑ ඉතින්
සිදාදියට හිත ගිහිල්ලා නගාලාට හොරෙන්
අයියා නේද පිට වුණේ ගමින්
ආ හා ආ හා හාහා.....
(හුරතල් කතාවයි ඔය මල් හිනාවයි
කිසිදාක වියැකෙන්නේ නෑ මා හිතින්...//)
පිළිගන්නවාදෝ සදා ආදරෙන්.....
නංගීලාට වාසි.....
(ලොකු පන්තියේ ඔන්න අයියණ්ඩියේ ඔන්න
හැරයන්න නොසිතන්න ගම දා ඉතින්.....//)
නවතින්නේ කෙලෙසින්ද ඈ මග බලන්....
නංගීලාට වාසි.....