නාඹර ගොයමට රහස් කියාලාnaambara goyamata rahas kiyaalaa

Nambara Goyamata

ගී පද

නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනහේ කාරණ හලලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා

මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත
හිමිදිරියේ දුටු සුභ දසුනයි
කම්මල මැද වෙහෙසෙන විට ගතසිත
ඔබගැන මතකය මද පවනයි

බලාපොරොත්තුව කිරිවැදිලා හෙට
ගමේ කුඹුර මදහස පෙන්වයි
මංගල සිරියෙන් කරල් කපන දා
හිතාඉන්නෙ ඔබෙ අත ගන්නයි