ගී පද
නලල වියලවා විගසින්
තිලකයක් තියා නලතින්
දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන්නම්
තවම කෙහෙරැලින් දිය වෑහෙනවා රාජිනී
ලපටි සුදු මිරිස් මල් දිලිහෙනවා රාජිනී
දිලිහෙනවා රාජිනී .... දිලිහෙනවා රාජිනී
දෙවොල් මළුවෙ සුදු වැලි කැට පුරුද්දට වගේ ගැන ගැන
සීනු හඩට කන් දෙන විට
පිරුනු හිත මුවින් උතුරන අපුරුව මැවේ
රාස්සිගේ අව් කෙඳි ටික නාගදීපයට එපිටින්
මුහුදෙ ගිලෙන විට සිහිලයි නොවෙද රාජිනී
නොවෙද රාජිනී .... නොවෙද රාජිනී
නලල වියලවා ....
මඟ වසන වලා තිරපට ඉරාගෙන උජාරුවකින්
බක් මහේ නැවුම් සඳවත
පෙරඹරින් නැගී එන හැඩ වියැක න සේ
කතාකරන ඇස් වහගෙන අගය පෙන්වනා විටදින්
නුඹ තරම් සොදුරු කවියක් නැහැනෙ රාජිනී
නැහැනෙ රාජිනී .... නැහැනෙ රාජිනී
නලල වියලවා ....