ගී පද
නංගේ නගන්න මල් සිනා හදේ පිපෙන මල් ලතා
ජීවිතේ පුරාම ආදරේ සොරා ගනී ඔබේ යොවුන් වියේ යොවුන් කතා
සිනා නගන්නේ කාටදෝ හිතේ තියෙන්නේ මොනවදෝ
හැමදාම මේ වගේම ඇයි උදෑසනේ ඕනදෝ මගෙන් සෙනේ බිඳක්
පාසලේදී ඇයි දඟේ මෙසේ
පාරේදී මොකද මේ රඟේ//
මල් කුමරියක් වගේ මනාලියක් වගේ
ජිවිතේ යොවුන් වියේ සුපෙම් රැඟුම් සලයි
නංගේ නගන්න මල් සිනා...
ආදරේට මං බයයි අනේ
තාම ඕවා පුරුදු නෑ වගේ//
එන්නකෝ පුදන්නකෝ ඔබේ යොවුන් සෙනේ
ආදරේ ලබන්නකෝ මගේ යොවුන් හදේ
නංගේ නගන්න මල් සිනා...