ගී පද

නදී තෙරේ සුදු වැල්ලේ
ඇගෙ අත ගෙන සැනසිල්ලේ
පියමැන ගිය අතීතයක
රසකැන් බොඳවී .......//

තුරුපෙළ මල් පියලා වරා
තුරු යටපත් පරල වෙලා
ගල්පර මත පාසි බැදී
සොඳුරු  බව සිඳී

නදී තෙරේ ...

කිචි බිචි ගී කුරුලු නාද
රැහැයි හඩින් නිහඬ වෙලා
ඔබ සමුගත් නදී තෙරයි
සීතයි යාවෙලා ...//

නදී තෙරේ ....