ගී පද
නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී මා යන මාවතේ
(සිංහ ලෝකයේ//)
සුළං රැල්ලේ දැවටිලා මන්ද මාරුතයේ
සොයා යන්නෙමි......
ගලා එන මන්දාකිණී හඹා යමි හමුවෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා නිරතුරුව අභිමානයෙන්
මංමුළා නොවේ කිසිදා ජවය මා සතු වේ
දිරිය ගන්නෙමි......
ගලා යන දහසක් නදී බලා සිටී මා එන තුරා
නිරතුරුව අභිමානයෙන්.....
ගලා එන මන්දාකිණී හඹා යමි හමුවෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා නිරතුරුව අභිමානයෙන්......
නදී ගංගා තරණයේ….//