නදී ගංගාnadhii gangaa

Nadee Ganga

ගී පද

නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ

සුළං රැල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ
සොයා යන්නෙමි
ගලා එන මන්දාකිණි
හඹා යමි හමු වෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්

මංමුලා නොවේ කිසිදා
ජවය මා සතු වේ
දිරිය ගන්නෙමි
ගලා යන දහසක් නදී
බලා සිටී මා එන තුරා
නිරතුරුව අභිමානයෙන්

නදී ගංගා තරණයේ...//