ගී පද
නාඩන් පුංචි හිරමනේ
ඇවිදින් ඔන්න වසන්තේ//
මේ රුහුණුකරේ පොල්වතු බෝමා
මට පාඩගම් පබළු අරගෙන
පොල් මල් පිපිලා දොරකඩ
අර බලපල්ලා//
දොන්න දොං රබන් පදයට
පංචි කිරි කවඩි හිනැහෙන
දවස ඇවිල්ලා
කහට පොතු කකා හමයන
කටින් වාරමක් කියන්න
දත මැදපල්ලා//
කොන්ද කොද කැකුළු කදිරන්
පුංචි ඉණට සේල අරන්
එයිද කොබෙයියෝ
රංචාගොඩ කවි සීපද
කන් දීලා මල් යහනට
වඩින්න දෙයියෝ//
නාඩන් පුංචි හිරමනේ
ඇවිදින් ඔන්න වසන්තේ//