නා මලෙන් දිනූ ලියක්naa malen dhinuu liyak

Na Malen Dinu Liyak

ගී පද

(නා මලෙන් දිනූ ලියක් වදෝ
කියන්නකෝ කියන්නකෝ
මගේ පිනෙන් උපන් කෙනෙක් ඔයා
අහන්නකෝ අහන්නකෝ...//)

සෙෳම්‍ය රශ්මියක් විදාලා එලි කළත් ජලේ
චන්ද්‍රයත් පරාද වේවි සිසිලසින් ඔබේ
සූර්ය රශ්මියෙන් පහන්ව යාවි ලෝ තලේ
මා පහන් කරන්න ඉන්නේ ඔබය ඒ බලේ
මං ලබාපු දුක් මැදින් කිරිල්ලි බිහි වුණේ
මල් කුමාරයා ලැබිච්ච පෙර පිනින් මගේ

නා මලෙන් දිනූ...../

දොම්නසෙහි ද ඇත්තෙ ලෝකේ සම්පතේ සුවේ
රන් විමානෙ රන් කිරිල්ලියක් මෙයින් මැවේ
ලෝ දිළින්දගේ දුකින්ද ඇත්තෙ පින් බලේ
ඒ නොවන්න මිණි කොයින්ද මා උපන් කැලේ
මං ලබාපු දුක් මැදින් කිරිල්ලි බිහි වුණේ
මල් කුමාරයා ලැබිච්ච පෙර පිනින් මගේ

නා මලෙන් දිනූ.....//