නා කොල අන්දම්naa kola andham

Na Kola Andam

ගී පද

නා කොල අන්දම් පෙන නොවටින්නේ 
බෝ කොල අන්දම් පෙනය දියන්නේ 
පෙනේ නැතිව අපි කොහොමද ඉන්නේ
(සමාවෙයං නයි හාමී...//)

දරමිටි බඳිනා කඹය කියාවී
දරනුව හදලා වලඳ තියාවී
කැබිලිති අරගන ගැරඬි නටාවී
පෙනය නැතිව අපි අසරණ වේවී
(පෙනේ දියං නයි හාමි...//)

නා කොල අන්දම් පෙන......

ඉහින් කනින් විස වැගිරෙන ලෝකේ
විසෙන් උඹේ පල නැති වග තේරේ
සුර්ම්‍ය වු මේ සර්ප විමානේ
හොඳින් ඉන්න අපිටත් සන්තෝසේ
(පෙනේ දියං නයි හාමි...//)

නා කොල අන්දම් පෙන......