මුතුලතා සිනහා පොකුරු පා muthulathaa sinahaa pokuru paa

Muthulatha Sinaha Pokuru Pa

ගී පද

මුතුලතා සිනහා පොකුරු පා 
මුතු මැණිකේ බලනු එපා
නෙත පැටලී සිත මා අසරණ වෙලා

මම ලදේ කෙලෙසද කියන්නේ
ආල හැගුම් මුව ගොළුවී
හිත පැටලී අද මා අසරණ වෙලා

ගෙලේ තොරොම්බොල් මාලේ පලදා
ඉහේ තැඹිලි තෙල් ගාලා පීරා
පාලොස්වක පෝදා හද ගමට වඩින ලීලෙන්
දෙවැටේ නුඹ එන්නා

මුතුලතා ....

තුන්තිස් පැය රෑ නිදිනම් නැතුවා
ඉලන්දාරි මං රහසේ හැඩුවා
මුතු බිදු මුතු මැණිකේ නුඹ කරකාරෙට ගන්ටා
පූරුවෙ පිං නැතුවා

මුතුලතා ....