මුතු මුතුmuthu muthu

Muthu Muthu

ගී පද

මුතු මුතු පෙති... මත සියුමැලි
මට බර මදී දරා ගන්න
සියොලඟ රිසී ලෙස නෙතු යදී
මගෙ හිත අදට හදාගන්න
ඉඳ හිට තනියෙන් හඩා යන්න
මගෙ මේ මනස හදා ගන්න
ඉද හිට තනියෙන් හඩා යන්න
මගෙ මේ මනස හදාගන්න
අලුයම...

නොනිඳන නගරෙ නිදි වරපු ඇස් දෙක
කරගැට පිරුණු දුහුවිලි තැවරුණු
අත් දෙක
කලු වෙච්ච තොල් රළු වෙච්ච උර තල
උණු වෙච්ච හිත දවසෙම හැඬුවා සතුටට
මගෙ මැරුණු හදට නුඹ දුන්න ප්රාණය
තුරුළු කරන් ඉද්දි දැනුනු ඒ සහනය
පහදලා දෙන්න වචන මදි හෝඩියෙ
උඹ හින්දා මම අද සක්විති රජෙක්
දෙන්න නෑ තුටු පඩුරු තියෙන සත් සයුරු
හැඟුනා ජීවත් වෙන අයුරු පිහිදා කඳුලු
පසු කරා රැයවල් අඳුරු කම්කටොළු
වාන් දැම්මා සතුට පරයා අද වැට කඩුලු
ටජ්මහලක් ඕනෙම නෑ අහසෙ ගෑවෙන
ක්ශිතිජය නුඹයි අහසට මුහුද හා වෙන
තනි තරුවකි රැයේ පාර කියා දෙන
පිච්චෙන මද්දහනෙ මම වලාකුලක් පාවෙන
අළුයම ඉර දැක්කා ඔය ඇස් දෙකෙන්
අමතක උනා දුක වඩද්දි මේ අත් දෙකෙන්
මම මගෙ හිත හීනත් එක්ක තරඟයක්
ලඟ නැති හැම රැයක්ම ආලෝක වර්ශයක්
උඹෙ ගැහෙන හද මගෙ හද රිද්මෙටලු
උඹෙ නහර වල දුවන ලේ මගෙ උණුහුමලු
උඹ මගෙ දුව උනෙ දෙවියන්ගෙ නියමෙටලු
මේ දැනුනෙ ආදරයද නෑ උඹෙ ජීවයලූ

මුතු මුතු පෙති... මත සියුමැලි....