මුතු කැට සේmuthu kaeta see

Muthu Kata Se

ගී පද

මුතු කැටසේ  අමුනනු බෑ කිසි දින
වීදුරු කැට සේ බිඳි මගෙ හදවත
සත්‍ය එයයි වැටහී නැහැ ඔබහට
මගේ හද පිදු  ඒ ආදරේ
කුළුඳුල් රසඳුන ආදරේ 

එක්වෙන යුගයක ආදරෙන්
දිගු ගමනක ආ බව නොදැනී //
කුරිරුදු ඔබේ ඔය සිත කොතරම්
අදහනු කෙලෙසද නෑ පිළියම්
රැවටුණි රැගුමක කළ සැලසුම්
මුතුකැට සේ ...

සමුදෙනු ප්‍රේමයට සැනෙකින්
සුරතට ගෙන ඔබේ දුරකථනෙන් //
කෙටි පණිවිඩයක් මට එවමින්
දෙපළු කලා ළය කල සැලසුම්
නෙමුවා නෙතු යුග ලේ කඳුළින්
මුතු කැට සේ ...