ගී පද
මුතු කඳුළු ගලන සිත මගේ නොවේ
එය ඔබ රිදවන ඇයට අයිති වේ
හස කැලුම් නගන සිත මගේ මගේ
එය අතීතයෙන් ඔබට උරුම වේ //
මුතු කඳුළු ගලන සිත මගේ නොවේ
සිත ඉගිළ ගියා පියාපත් සලා
මුදු සෙනෙහෙ පිරුණු කැදැල්ලක් සොයා
ඇයි දුකින් හඬ වැලපුණේ ඔයා
හිතුවාද දිවිය ගීතයක් කියා
මුතු කඳුළු ගලන සිත මගේ නොවේ
හිමි නැතත් සිතමි ඔබ මගේ කියා
අරමුණක් නැතිව සිත බිදී ගියා
තරු හිතක් නැතිව ආදරේ සොයා
සිත ඔබ නැතිව අයාලේ ගියා
මුතු කඳුළු ගලන ....