මුළු නුවරමmulu nuwarama

Mulu Nuwarama

සංගීතය:
ලයනල් අල්ගමlayanal algama
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

මුළු නුවරම නිදි ගත් මොහොතේ - ඔබ පමණක් අවදිව ඇත යහනේ
එකම හඳක් - එක තරුවක් යට 
එකම හඳක් - එක තරුවක් යට ඔබ
ඔබේ පැලේ - මම මගේ පැලේ

වන උයන් පුරා මල් සමය උදා වී - දිය දම් දිනිතිය යොවුන් වියේ
අප මධුර මිලානයේ කියු ගී රවේ - ප්‍රාර්ථනා කරන්නී
කවදාද අප හමු වන්නේ -  කවදාද අප හමු වන්නේ
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

පෙර ආත්මයක මධු සුවඳ සිනා සී - ඉඟි කරනා කල රාත්‍රියේ
හද සොවින් වළප්නා නිඳි නොලබා - මාළිගා මවන්නී
උන්මාද චිත්‍රාදෝ මා - උන්මාද චිත්‍රාදෝ මා
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ