මුළු ලෝකය වෙනස් වෙලාmulu lookaya wenas welaa

Mulu Lokaya Wenas Wela

සංගීතය:
චමින්ද දමිත්chamindha dhamith
පද රචනය:
අයෝද්‍ය ප්‍රනාන්දුayoodhya pranaandhu

ගී පද

මුළු ලෝකය වෙනස් වෙලා 
මගේ හිත තවමත් නෑ වෙනස් වෙලා 
ඔබ දැන් දුරස් වෙලා 
මගේ හදවත දුක් ගිනි ගොඩක් වෙලා
මුළු ලෝකය වෙනස් වෙලා........

ඉර හඳ තරු සෙනෙහසට අපේ 
එරෙහිව පිටුපා ගියපු දිනේ
මව්පිය නෑදෑ පිරිස ඔබේ
(ඒ මත්තෙම බිඳ දැම්මේ සෙනේ.......//)

ඔබ ළඟ නැති දා දැවුණු සෙනේ
පාරයි පෙම් කළ සිතම මගේ
ඔබටම පුද කළ දිවිය මගේ 
(වෙන කෙනෙකුට හිමි නෑ ආයේ.......//)

මුළු ලෝකය.........