මුළු ජීවිතේ පුරාmulu jiiwithee puraa

Mulu Jeewithe Pura

සංගීතය:
පැතුම් කුරේpaethum kuree
පද රචනය:
පණ්ඩුල ගුණවර්ධනpandula gunawardhhana

ගී පද

මුළු ජීවිතේ පුරා එකට හිඳිමුයි කියා
ඔබ ගිය දුරක් මා මෙහි දමා
රිදුමන් වැඩි හඬනවා මං ඔබ සිහිවෙලා
ආදරෙයි පණටත් වඩා මං
දිව්රලා බොරු කිවු ඔයා
රැවටුණත් මං පව් පිරෙන්නෑ ඔබට නම්
ඔබ සැපෙන් නම් එය මට ඇති.......

තනිකමින් මං දැවෙනා තරම්
උහුලන්න බෑනේ දුක මේ තරම්
දැවෙනා තරම් තනිකමින් මං
උහුලන්න බෑ මේ සුසුම්
ආදරෙයි පණටත් වඩා මං
දිව්රලා බොරු කිවු ඔයා
රැවටුණත් මං පව් පිරෙන්නෑ ඔබට නම්
ඔබ සැපෙන් නම් එය මට ඇති.......

ආදරෙයි මං ඔයා කියු වදන්
රැවටුණා මං ඔබගෙන් නොපැතූ ලෙසින්
සිහිනයක් නම් ආදරේ මේ 
යළි එන්නෙපා රත්තරන්......

ආදරෙයි පණටත් වඩා මං
දිව්රලා බොරු කිවු ඔයා
රැවටුණත් මං පව් පිරෙන්නෑ ඔබට නම්
ඔබ සැපෙන් නම් එය මට ඇති.......

මුළු ජීවිතේ පුරා......