මුළු හදින්මmulu hadhinma

Mulu Hadinma

ගී පද

මුළු හදින්ම ඔබ මට ආදරේ කළත්
හැඟුම් වලට ඉඩදී කළේ පවක්
ඇසිපිය වන විට ඇය හා වෙලී
ඔබ ගැන සිතමින් ඇය හා බැඳුණා

ඇගෙ ඇඟිලි තුඩින් මා පිරිමදිනා විට
ඔබ මා මතකයේ සැඟව ගියා
ඇගෙ උමතු බැල්ම මාගේ ලෝකය
සිහිනයක් ලෙසින් ඈ වෙත බැඳුනා

මුළු හදින්ම ....

ගතට දැනෙන හැඟුමකට වඩා එය
සිතට දැනෙන බව කීවේ ඔබයි
ඇගෙ නග්න තලාවේ උමතුව වී
පිවිතුරු සෙනෙහස හැර ගියේ මමයි

මුළු හදින්ම ....