මුළු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුණාmulu gathama wehesunaa dhahadiyen naehaewunaa

Mulu Gathama Wehesuna

ගී පද

මුළු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුණා
කුස ගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා
වෙහෙසීලා දුක් විඳලා කම්මලේ යකඩ තලා

පාන්දරින් නැගිටලා දෙවියන් වැඳ පුදලා
දරුවන් මුව සිඹලා ගිනි මැලය දල්වලා
යකඩ ගිනියම් කරලා ගොනුට ලාඩම හදලා
ගලට පණ උපදවලා දවසේ වැඩ අරඹාලා

දඬු අඬුව තද කලා යකඩ ඊට හයිකළා
දෑතේ වාරුව යොදලා පීර කිරි කිරි ගාලා
පිහිය හැඩ වැඩ දාලා මුවත පන්නර තියලා
හැදුවේ කම්මල කියලා මාගේ වරුණේ පෙන්නලා


කඩ ඇණය ඇද වෙලා යකඩ පට්ටම ගෙවිලා
බරබාගේ පෙරලිලා මා ළඟට පැමිණිලා
මගේ වරුණේ පෙන්නලා කඩි මුඩියේ වැඩ කලා
බරබාගේ නැගිටලා යළි යෑම අරඹලා

මුළු ගතම වෙහෙසුනා....