මුහුදු රැල්ල ඔස්සේmuhudhu raella ossee

Muhudu Ralla Osse

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

ගී පද

මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ
නිම් වළල්ල ඔස්සේ ගෑවී ගෑවී යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
ඈත මෑත දැල ලා අපි මාලු බාලා එනවෝ

(ඔරුව පැදල යන්නෙ රෑට නිදිමරන්නෙ
දරුවෝ අඹු රකින්නෙ අපි මාලු බාලා එන්නෙ)...//

මුහුදු  රැල්ල ඔස්සේ....

(දෑතේ සවිය ගන්නෙ ඔරුව පැදල යන්නෙ
වෙරළ දුර පෙනෙන්නෙ අපි මාලු බාලා එන්නෙ)...// 

මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ
නිම් වළල්ල ඔස්සේ ගෑවී ගෑවී යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
(ඈත මෑත දැල ලා අපි මාලු බාලා එනවෝ)...//