මුහුද හඬන වෙලාවේmuhudha handana welaawee

Muhuda Hadana Welawee

ගී පද

මුහුද හඬන වෙලාවේ 
වෙරළේ තනියේ මේ යාමයේ 
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ //

මෙලෙස තනි වෙලා 
ඔබ කවුරුදැයි කියා 
පවසන්න පැකිලෙන්නෙපා 
කඳුළු පිස දමා 
ඔය මුහුණ පෙන්නලා 
හිනැහෙන්න හසරැල් මවා

මුහුද හඬන වෙලාවේ..

සිතිජ ඉමව්වේ 
දුර ඈත දනව්වේ 
මුසුවේවි සංකා ඇගේ 
ඈ හෙලන කඳුළැලි 
මුහුදටම යා වෙවී 
මුහුද හඬයි ඈ හා බැඳී

මුහුද හඬන වෙලාවේ..