ගී පද
මුදු වදන් ඇගේ සනසයි හද අවදි කර හැඟුමම්
මුතු දසන් වතේ පියුමක පෙති විලස මම දකිමි
නිල් කැලුම් නෙතේ පුබුදයි මගේ සොඳුරු ලොව පැතුම්
ඒ මැදින් ඇගේ හද තුල මම ගනිමි නිති ලැගුම්
මුදු වදන් ඇගේ සනසයි හද අවදි කර හැඟුම්
සිරි කතක් විලස සැප සම්පත් ළඟා කරන්නී
දෙව් දුවක් ලෙසින් සුන සහනය උදා කරන්නී
යෙහෙළියක් විලස මගේ දුක සැප සොයා බලන්නී
මට මවක් වගේ නිරතුරු උණුසුම ගෙන එන්නී
උණුසම ගෙන එන්නී
මුදු වදන් ඇගේ ....
අද හෙටත් ලොවේ ඇයිමයි මා ළගින් සිටින්නී
මගේ සිත සනසා මියුරු තෙපුල් පවසා ලන්නී
මගේ දිවි කතරේ සිහිලස සැනසුම ගෙන දෙන්නී
මගේ හදවත ගැහෙනා රාවය ඇය හඳුනන්නී
නිති ඇය හඳුනන්නී
මුදු වදන් ඇගේ ........