ගී පද
මුදු පළඳා ඇය මා හා කුල නිවසට යනවා
ඇයට පිදු ආදරයෙන් කවුදෝ තනි වෙනවා//
ආදර මල් නටුවෙන් බිඳදා නටුව හෙමින් කඳුලෙන් පිසදා
නපුරු සිතින් මනමාලි මගේ හිනැහී ඔහුගේ විරහ ගඟේ
අවිහිංසක කිරිල්ලියක වගේ සුරත මගේ ඈ සිඹින රඟේ
ඈ පිටු පෑ ඔහු නමට ඇගේ එක කඳුලක් හෝ නැතිද නෙතේ