ගී පද
මුදු මොලොක් මල් මෙනේ කුස දරා බැතිපෙමින්
වේදනා විදිමිනේ අප ලොවට බිහිකෙරූ
ලය පුරා සෙනෙහසින් අප දෙදෙන වැඩු පෙමින්
මව්තොමෝ කුවේනි යකිනි වෙද මේ කියන
යකිනියක ඇඟ රුහිරු කිරි වේද කිසි දිනෙක
මෑණියන් මා පෙවූ කිරි දහර රුහිරු විද...
මෑණියනි කුවේනි ඔබ කොතැන සැඟවුනෙද
එන තුරා ඔබ නැවත අපි බලා සිටිමු මෙහි
පියාණන් කී පසුව මාලිගෙන් පිටවන්ට
රැගෙන ඔබ අප දෙදෙන වනවැදී අතරමග
නෑසියන් දකිමිනේ කෝප දුරුකරමිනේ
නැවත එමි දරුවනේ කියා ගිය පසු එදා...
නැවත ඔබ එනතුරා අපි සිටිමු මෑණියනි
පන් දහස් කල් ගෙවී එන තුරා හෝ නැවත
අපි මෙහිම සිටින්නෙමු
ඔබ නැතිව නොයන්නෙමු...//
මෑණියනි විගසකිනි
අප රැගෙන යනු මැනවි...//