ගී පද
මොර සූරන මහ වරුසාවල් වැස්සාට
ඔයා දුන්නු මේ ගින්දර නිවී යාවිද
ඉස්සර මෙන් ආයෙත් මගේ දෑස් ළඟින්
නතර වෙලා හිනාවෙන්න බැරිද ඔයාට...
දේදුන්නක පාට පාට හීන සළු මත
මගේ සෙනෙහස අරගෙන දුර ගියා මතකද
නැවුම් සුවඳ වෑහෙන මධු මල් වසන්තෙක
(මගේ හිතට මේ මහ දුක් දුන්නේ ඇයි නුඹ...//)
මොර සූරන මහ වරුසාවල්....
දරාගන්න බැරි බර මේ කඳුළු තිළිණය
ඔයා දුන්නු සෙනෙහස නම් ආදරෙයි මම
සැහැල්ලුවෙන් මට මේ ඇස් පියාගන්නට
(එකම එක වරක් යලි හමුවෙන්න එනවද...//)
මොර සූරන මහ වරුසාවල්...