මොර සූරන මහ වරුසාවේmora suurana maha warusaawee

Mora Surana Maha

ගී පද

මොර සූරන මහ වරුසාවේ
එක දවසක ඇය හා ආවේ
සඳරාණියේ නුඹ නාඩන්
ඇය නෑ දැන් මේ ගම්මානේ...//

තරු පායන මල් පෙති පවනේ
සඳ ඇයි මේ ඈතට ඇදුනේ
සඳපාන වැදී උණ පඳුරේ
අපෙ ආ...දර ලෝකය මැවුනේ
කෝ එදා පැලැන්දුව මුදුවේ
රන් කාන්තිය නෑ අද ළඳුනේ
සඳරාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ 

මොර සූරන මහ වරුසාවේ...

සඳ මල්පෙති පරදන මූණේ
නෙතු කඳුලැලි කවුරුද මැව්වේ 
එන පෝයට පන්සල පාරේ 
මම කවුරු දකින්නද එන්නේ
කෝ එදා පැලැන්දුව මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලඳුන් 
සඳරාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ 

මොර සූරන මහ වරුසාවේ...