මෝහෙන් මුලා වෙලාmoohen mulaa welaa

Mohen Mula Wela

ගී පද

මෝහෙන් මුලා වෙලා 
මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රොධ ද්වේශ පාරේ 
මිනිහා කොහේද මේ.....
 
රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබළේ
එය රැකීම අප උරුමේ වේ....

කේළම් කීමෙන් ඕපදූපයෙන් 
රට කොටවන වැඩ අවදානම්
උඩින් මිතුරු වී යටින් හතුරු වී 
උගුල් අදින්නා යයි දිය වි
බොරුවෙන් රට පිරිහේවි.....

රත්තරන් කෙණ්ඩියේ.....

මා හරි උගතා මා හරි ජගතා 
සිතනා මිනිහා මෝඩයෙකි
අනුන් හෙළන්නට වළක් කපන්නා 
ඒ තුළ වැටිලා මිය යන්නා
කළ දේ පල දේ එලෙසේ.....

රත්තරන් කෙණ්ඩියේ.....