මෝඩ බෑන්ඩ්mooda baend

Moda Band

සංගීතය:
චින්තක ජයකොඩිchinthaka jayakodi
පද රචනය:
අසෝක හඳගමasooka handagama

ගී පද

චිත්‍රපටය : තාල (2019)

පලුවක් ගැලවුණ බෙරයක් අරගෙන 
කොහොමද පදය වයන්නේ 
ගවුමක් ලෙලදෙන ලතාව නැති තැන 
කොහොමද රටා මැවෙන්නේ 
(දඩිං බිඩිං ඩොං මෝඩ චූන් 
කෙල්ලන් නැති ගොබ්බ බෑන්ඩ්...//) 
(බොලං පොඩි නංගි ටිකක් හිටපං 
කුමක් උඹ කිව්වෙ යළිත් කියපං...//) 
ඇතත් තරු රෑන අහසෙ විසුරන්න 
යයිද ඝන අඳුර සඳක් නැති රෑක 
පෙළක් බෙර තාල කෙල්ලො වැයුවාට 
සුරල් රස වෙන්නෙ කොල්ලො වැයුදාට 

තන්තු කැඩී ගිය ගිටාරයක් ගෙන 
කොහොමද කෝඩ්ස් වයන්නේ 
සුලලිත තාලෙට නැළවෙන ඉඟ සුඟ 
අපි ළඟ නොවෙද තියෙන්නේ 
(දඩිං බිඩිං ඩොං මෝඩ චූන් 
කෙල්ලන් නැති ගොබ්බ බෑන්ඩ්...//) 
(බොලං පොඩි නංගි ටිකක් හිටපං 
කුමක් උඹ කිව්වෙ යළිත් කියපං...//) 
මවා පෑවාට කෙලින් බව දුරට 
නොසෙල්වෙනු ඇත්ද මඩේ ඇනි ඉන්න 
නිකං වැනුවාට උඹේ ඔය පස්ස 
හැඩක් නෑ නේද වගේ වී බිස්ස