මියුරු කල්පනාmiyuru kalpanaa

Miyuru Kalpana

ගී පද

මියුරු කල්පනා නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද හිතක් හිනැහුණා
වරෙක නැළවුණා වරෙක ලතැවුණා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැළවුණා
මියුරු කල්පනා...

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි.. //
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්...

මියුරු කල්පනා...

පිනි බිඳකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි..//
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්...

මියුරු කල්පනා...