ගී පද
මියුරු කල්පනා නෙතක දැල් වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
වරෙක නැලැවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිණි දහසක් මැද සිතක් මැලැවුනා....
හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්...
පිණි බිදකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි
කඩුතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්.