ගී පද
දිගු දෑස ගාවා සිත නහව නහවා
මදහාස ගේනා ඔබ ඕනා ඕනා
මියුලැසියේ ඔබේ හිත මගේ
නෙතේ ඇඳුනු තනුවක් වගේ
ඔයා එක්ක සිනාවෙන්න දුරක් යන්න
සිතේ ගැඹුරු තැනකට වෙලා ඉන්න
මා සනසන්න ආදරේ දැනුනා කියා
සිතැඟී වෙලා හද හොරකම් කළා
නිම් නැතිව ඔබ පෑ සිනා
දැනුනත් එදා නුඹ මගෙමයි කියා
මුළු රෑම ගෙවිලා ගියා
හදේ ගැඹුරට වෙලා සිතේ සක්මන් කළා
ඔබේ ඇසුරින් නොයා රැඳී ඉන්නම් සදා
මියුලැසියේ ඔබේ හිත මගේ....
ඔයා එක්ක සිනාවෙන්න දුරක් යන්න
සිතේ ගැඹුරු තැනකට වෙලා ඉන්න
මා සනසන්න ආදරේ දැනුනා කියා