මියැදෙන්න අවසරයිmiyaedhenna awasarayi

Miyadenna Awasarai

ගී පද

මියැදෙන්න අවසරයි
විඳවන්න බෑ දුකයි
සංසාරේ කවදාවත්
අප මුණ නොගැහි මඟ හැරිලා යයී....

මේ භවයෙදී නුඹෙ අත ගිලිහුනොත්
මතු භවෙක හෝ නුඹේ හිත සැනසුනොත්
මෙලෙසින්ම හැරයන්න එපා
නොහඳුනන බව මට කියා

ආලෙන් වෙලී සිත් සිහිනෙන් වගේ
උන්නු කාලේ එදා....
කාලේ ගෙවී නුඹ දැහැනෙන් බිඳී
කාටත් රහසේම නොකියා ගියා

අවදි කල හදවත මගේ නුඹමයි දරඳඩු කලේ
වරදක් නැතේ මගෙ අතේ පලක් නෑ මේ ජීවිතේ

ඉන්නේ මෙමා මැරුණා නොමැරුනා වගේ
වැලපෙයි හදවත පවා....
දුන්නේ ඔයා මහ ලොකු ගින්දරක්
මට සමුගන්න හිත කියනවා

අවදි කල හදවත මගේ නුඹමයි දරඳඩු කලේ
වරදක් නැතේ මගෙ අතේ පලක් නෑ මේ ජීවිතේ

මියැදෙන්න අවසරයි....