මිතුරියේmithuriyee

Mithuriye

සංගීතය:
මනෝජ් ජයවර්ධනmanooj jayawardhhana
පද රචනය:
මනෝජ් ජයවර්ධනmanooj jayawardhhana

ගී පද

මිතුරියේ මට තවමත් මතකයි අපි එදා
මිතුරන් සේ හමු වූ දා
ඔබේ ඔය දෙනුවන් මුල් වර මා දුටු දා
මට හැඟුණා ඔබ මට හිමියි කියා
අප දෙදෙනා මුණ ගැස්වූ ඒ දිනේ
මට සිතුණේ ඔබ සදා මගේමයි කියා
මම නෑ සිතුවේ එදා ඔබ මා හැර යයි කියා
ඔබ හට මා තුළ වූ ආදරේ සදා පූජනීයයි මා හදේ...

ඔබේ ඔය කෙළිලොල් සිනහව මා හදේ
සදා රැව් දෙනු ඇත මගේ මිතුරියේ
මේ ජීවිතයේ ඔබ නැති නම් මා හදේ
පලක් වේදෝ මගේ මේ ආදරේ
මගේ මුළු ජීවිතේ පුරා මම ඔබටයි ආදරේ
ඔබ ළඟටම වී ඉන්නම් සදා මා දිවි ඇති තුරා
මම නෑ සිතුවේ එදා ඔබ මා හැර යයි කියා
ඔබ හට මා තුළ වූ ආදරේ සදා පූජනීයයි මා හදේ...

මම නෑ කිසිදා ඔබේ ඔය හද රිදවා
මම නෑ කිසිදා ඔබ මගේ නොවෙයි කියා
ඇත්තමයි මම ඔබටයි ආදරේ
සත්තමයි ඔබගෙයි මගේ ජීවිතේ
මම ඔබටම පමණයි ආදරේ මා මුළු හදින්මයි
ඔබ පමණයි මගේ ජීවිතේ
මා ඔබ පතා නෙතු දල්වා ඉන්නම් සැමදා...