ගී පද

මිතුරා කිව්වම එක වගේ නොව සැම 
හතුරා උනාම දොස් කියයි නිතරම 
හතුරා උනාම දොස් කියයි නිතරම      
මිතුරා කිව්වම එක වගේ නොව සැම

කාසි අත මිටේ ඉඩ කඩන් රට තොටේ 
වාසි නැති විටේ මිතුරෝ සිටිති අප වටේ
වාසි නැති විටේ මිතුරෝ සිටිති අප වටේ
කාසි අත මිටේ ඉඩ කඩන් රට තොටේ

බඹරා මල් පුබුදා රොන් අරගන්නේ 
මොණරා පිල් විහිදා ලස්සනට නටන්නේ 
ගසක පල හැදිලා වවුලන් පොරකන්නේ   
එයි ගෙඩි නැති වූ දා උන් පියඹා යන්නේ

චුට්ට බත් කියා නිතර පනී මෝඩයා 
පාපිස්ස මිත්‍රයා විස ඝෝර සර්පයා 
පාපිස්ස මිත්‍රයා විස ඝෝර සර්පයා 
චුට්ට බත් කියා නිතර පනී මෝඩයා

ගොඩින් නැව නොයයි ඒ වගෙ රියත් දිය නොයයි 
සුදනා ගතිම යයි කිසිවිට හොඳක් නොම කරයි  
සුදනා ගතිම යයි කිසිවිට හොඳක් නොම කරයි
ගොඩින් නැව නොයයි ඒ වගෙ රියත් දිය නොයයි

බඹරා මල් පුබුදා....

මිතුරා පමණකි කළ හොඳ නොහොඳ දන්නෙකි 
හතුරා නපුරෙකි එය සේවනය විපතකි       
හතුරා නපුරෙකි එය සේවනය විපතකි
මිතුරා පමණකි කළ හොඳ නොහොඳ දන්නෙකි

යුතුකම දන්න දුක් සැප දෙකටම ඉන්න 
මිතුරෙකි අන්න කාටත් ඇසුරු කරන්න
මිතුරෙකි අන්න කාටත් ඇසුරු කරන්න 
යුතුකම දන්න දුක් සැප දෙකටම ඉන්න

බඹරා මල් පුබුදා....