මිස් කෝල් එකක් තරමටවත්mis kool ekak tharamatawath

Missed Call Ekak Tharamatawath

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

ගී පද

මිස් කෝල් එකක් තරමටවත් මා නොවටින බව දැනුනා
හිස් කොලයක් ගෙන එහි පිරෙනා තුරු ඔබේ නම එහි ලිව්වා
මගෙ දෑස පුරා ඔබ සෙව්ව කතා බොරු බව මට හැගුනා
ඔබ යන්න ගියත් මට දුක නෑ
(එක පාරක් මුණ ගැහිලා...//)

මා ඔබට දුන්නු ඒ රතු කුඩයේ
ඇතුලේ තුරුළු වෙලා අද ඔබ යනවා 
වෙනකෙකු බදා මා වැස්සේ තනි කරලා
කව්රුත් දන්නෑ මම දුකෙන් කියා
මම රහසින් දුක් වින්දා...
තවමත් මට ඔබ ගැන සිහිවීලා
(රෑ නින්දෙන් ඇහැරෙනවා...//)

තරුවක් වීලා ඔබ දිලිසෙනවා
ඒ එලියට මා මැකුනා 
අහසට නැගලා ඔබ ඉගිලෙනවා 
මා පොඩියට බිම හිටියා...
කවදාහරි අත්තටු කැඩිලා යළි
මා ළඟටම එනවා 
ආවත් ඔබ යළි සිනහ වෙලා
(මා ඈතට දුර යනවා...//)

මිස් කෝල් එකක්...