මිරිඟුව නලියනmiringuwa naliyana

Miriguwa Naliyana

ගී පද

මිරිඟුව නලියන පාර දිගේ
ඔබ යනවා ඈතට යනවා
නොපෙනී යන තුරු පුංචි තිතක් වී
මා සිටියා ඔබ මැකී ගියා.....

අහිංසකයි ඔබ පරාජිතයි මා
එකම හදයි මේ දෙකඩ වුණේ
සමුගන්නේ ඔබ හමුවුනු හින්දයි
මියැදෙමු උපදින්නට ආයේ....

මිරිඟුව නලියන පාර දිගේ...

අකුරු ලියා නැති හිස් පිටුවක් සේ
හිතත් හිතින් අසරණ වෙද්දෙන්
අතොරක් නැති පෙම් විරහ කරදරෙන්
මමත් ඔහෙ අසරණ වෙද්දෙන්.....